මොකද්ද මේ පෙබරවාරියේ එන ඊළඟ තෙල් අර්බුදය ?
ලබන පෙබරවාරි මස වන විට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් සියයට ආසන්න විය හැකි බවට ඉන්ධන පිළිබඳ විශේෂඥයෝ අනාවැකි පළ කරති.
යුරෝපයට බලපාන සීත ඍතුව නිසා ඒ රටවල ඉන්ධන භාවිතය ශීඝ්‍ර ලෙස වැඩිවීම මීට එක් ප්‍රධාන හේතුවක් බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.
ගෙවුණු සතියේ ද බොර තෙල් බැරලයක මිල ඩොලර් 87 දක්වා ඉහළ ගිය අතර එම වැඩිවීම වසර හතරහමාරකට පසු වාර්තා වූ ඉහළ ම අගය බව වාර්තා වේ.
මේ අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අසීමිත ලෙස ඉහළ ගියහොත් ලබන පෙබරවාරි වන විට මෙරටේ දැඩි ඉන්ධන අර්බුදයක් හට ගන්නා බව ද විශේෂඥයෝ පෙන්වා දෙති.
ඩොලර් අර්බුදය හමුවේ මිරිකී ඇති මෙරට ආර්ථිකයට මේ තත්ත්වයෙන් බාධා ඇති වූවොත් ඉහළ යන ඉන්ධන මිල හමුවේ මෙරට ඉන්ධන මිල වැඩි නොකළහොත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසීමිත ලෙස පාඩු ලැබිය හැකි බව ද එම විශේෂඥයෝ වැඩිදුරට ත් අවධාරණය කරති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |