සොරකම් සහ කොල්ලකෑම් කරන අලුත්ම ක්‍රමය

Robbery stealing trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 22, 2022 06:43 AM GMT
krishani

krishani

Report

ආගමික ස්ථානවල පිංකැට ඇතුළු දේපළ සොරකම් කිරීමේ නිරතව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු යක්කල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යක්කල බැලුම්මහර ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ විමර්ශනවලදී යක්කල සහ ගණේමුල්ල ප්‍රදේශවල පිහිටි ආගමික ස්ථානවල එවැනි කොල්ලකෑම් රැසකට ඔවුන් සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

එහිදී සොරකම් කරන ලද පිත්තල පහන් ඇතුළු දේපළ මෙන්ම මුදල් තොගයක් ද පොලිස්භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය රාගම සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මේ අතර ගල්කිස්ස, මොරටුව, පානදුර සහ දෙහිවල යන ප්‍රදේශවල රන් භාණ්ඩ සහ ත්‍රීරෝද රථ කොල්ලකෑමේ නිරත වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන්නේ සැකකටයුතු එවැනි යුවළවල් සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය.

එමෙන්ම, යතුරුපැදිවලින් ගොස් මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now