පෝර්ට් සිටියෙන් ඡායාරූප සඳහා මුදල් අය කරනවද ? ඉහළ නිලධාරීන්ගෙන් නිවේදනයක්.ඇත්තම කතාව මෙන්න.
පෝට් සිටිහි ගන්නා පුද්ගලික සෙල්ෆි හෝ වීඩියෝ සඳහා මහජනතාවට ගාස්තුවක් ගෙවිය යුතු බවට චෝදනා කරන සමාජ මාධ්‍ය පෝස්ට් වල කිසිදු සත්‍යතාවක් නොමැත.
කෙසේ වෙතත්, අලුතින් විවෘත කරන ලද පෝට් සිටි මරීනා සක්මන් මළුව භාවිතා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් පෙර නොවූ විරූ ආකාරයේ ඉල්ලීම් ලැබීම හේතුවෙන් පුද්ගලික සිදුවීම්, වෘත්තීය,වාණිජ රූගත කිරීම්,ඡායාරූපකරණය සඳහා ගෙවීම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලදී.
එවැනි රූගත කිරීම්,ඡායාරූප ගත කිරීම් බාධාවක් වූ අතර, සක්මන් මළුවට පැමිණෙන අනෙකුත් අමුත්තන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන බව ද අවධානයට යොමු කර ඇත.
මහජන ආරක්‍ෂාව සහ දැනට කරගෙන යන ඉදිකිරීම් සැලකිල්ලට ගනිමින්, මහජනතාවට සිදුවන බාධා වළක්වා ගැනීමට සහ අවශ්‍ය අයට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා පෝට් සිටහි එවැනි වෘත්තීය රූගත කිරීම් හෝ ඡායාරූපකරණයක නිරත වීමට කැමති ඕනෑම අයෙකුට මෙම ගෙවීම් ව්‍යුහය සහ කැපවූ කාල සීමාවන් හඳුන්වා දෙන ලදී.
මරීනා සක්මන් මළුව දිනපතා උදේ 9 සිට සවස 6 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. මුදල් ගෙවා රූගත කිරීම් සහ ඡායාරූප ගැනීම පෙරවරු 9ට පෙර හෝ ඉල්ලා සිටින පරිදි වෙනත් කාල සීමාවකට පෙර සිදු කළ හැක.
පෝට් සිටි අභ්‍යන්තරයේ පුද්ගලික දුරකථන හෝ කැමරා භාවිතයෙන් පුද්ගලික පින්තූර, වීඩියෝ සහ සෙල්ෆි ගැනීමට කැමති අයට මෙය අදාළ නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
එසේම, පිළිගත් සමාජ හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මධ්‍යස්ථානවලට අදාළ දෙපාර්තමේන්තුවල පූර්ව අනුමැතිය ඇතිව පෝට් සිටි තුළ ප්‍රවෘත්ති හෝ කාලීන කටයුතු (වාණිජ්‍ය නොවන අරමුණු) සඳහා රූගත කිරීම්/ඡායාරූපකරණය නිදහසේ සිදු කළ හැකිය.
ගාස්තු අදාළ වන්නේ පුද්ගලික උත්සව, මංගල උත්සව, නිෂ්පාදන හෝ විලාසිතා ප්‍රවර්ධන, සංගීත වීඩියෝ, වෙළඳ දැන්වීම් හෝ වෙනත් ආකාරයේ වාණිජ රූගත කිරීම් රූගත කිරීම්/ඡායාරූපකරණය සඳහා පමණි.
රු.30000 සිට ඉහළට ඔවුන් ඒ සදහා පැකේජයන් හදුවා දී ඇති අතර පහත සදහන් පෝරමය පුරවා මුදල් ගෙවීමෙන් එය ඉටු කරගත හැකිය.
මේවායින් ලැබෙන ආදායම කොළඹ වරාය නගරයේ පොදු ප්‍රදේශ කළමනාකරණය කරන වතු කළමනාකරණ සමාගම (EMC) විසින් සිදු කරනු ලබන පොදු අවකාශයන්, වැසිකිලි නඩත්තු කිරීම සහ කසළ ඉවත් කිරීම සඳහා යොදා ගැනේ.
Port City හි Marina, Golf Range, Beach Park සහ ATV Track වැනි ප්‍රදේශ පුද්ගලික ක්‍රියාකරුවන් විසින් මෙහෙයුම් ආරම්භ කළ දා සිට ගෙවීම් පදනම මත කළමනාකරණය කරනු ලැබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |


