කොවිඩ් බියෙන් දරුවා පාසල් නොයැවූ මවට වැඩ වරදී

covid 19 trending news gagana news sri lanka sinhala news
By krishani Jan 21, 2022 03:07 AM GMT
krishani

krishani

Report

කොවිඩ් ආසාදනය වේයැයි බියෙන් වසරකට අධික කාලයක් පුරා සිය දරුවා පාසල් නොයැවූ ග්‍රීසියේ මවකට එරට අධිකරණයක් සිර දඬුවම් නියම කර තිබෙනවා.

මධ්‍යම ග්‍රීසියේ 32 හැවිරිදි මවක් සිය 11 හැවිරිදි දරුවා මෙලෙස වසරකට අධික කාලයක් පුරා පාසල් නොයැවීමේ වරදට එරට අධිකරණයක් ඇයට මාස 7ක අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය පවසන්නේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සිය දරුවා පාසල් නොයැවූ බවයි.

අධිකරණය හමුවේ කරුණු අනාවරණ වී ඇත්තේ කොවිඩ් මර්දන කිසිදු එන්නතක් නොලද ඇය දරුවන්ගේ ජීවිත අවදානමේ හෙළමින් ඔවුන්ගේ අධ්‍යාපනයද අහිමිකර ඇති බවයි.

මෙම මවට අධිකරණය විසින් යුරෝ 20ක දඩයක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha