ප්‍රබල සමාගමක් ලංකාවට පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවයි

gagana news sri lanka sinhala news today trending news kuwait airways flights are suspended
By krishani Jan 21, 2022 02:31 AM GMT
krishani

krishani

Report

කුවේට් එයාර්වේස් සමාගම (Kuwait Airways) ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

එහි සඳහන් වන්නේ, දේශීය නියෝජිත ආයතන හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ය.

ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතු වී ඇති බව ද අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට කුවේට් එයාර්වේස් සමාගම, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සතියකට එක් වරක් පමණක් පියාසර කරන පරිදි සීමා කර තිබිණි.

අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට වැය වන මුදල පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now