කුසල්ට-ධනුෂ්කට-දික්වැල්ලට තහනම මැදම බෝඩ් එක චාන්ස් එකක් දෙයි !
#sinhala news sri lanka#news#today news#sports#sri lanka#
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින් සඳහා මෙවර පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ද කැඳවා තිබේ.
එංගලන්ත තරග සංචාරයක් අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණි.
ඔවුන් තිදෙනා “ඩරම්” නගරයේ වීථියක සැරිසරන ආකාරය එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවුණි.
එම තරග තහනම අතරතුර මෙලෙස එම ක්‍රීඩකයින් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කැඳවා ඇති බව වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
