පිටි, සීනි, සහල්...ගැන ගත් අලුත්ම තීරණය මෙන්න !

india sri lanka gagana news Sri lanka sinhala news today trending news Sr new decision
By krishani Mar 25, 2022 09:09 AM GMT
krishani

krishani

Report

ඉදිරියේදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඒවා රැගෙන ඒමට සිදුවන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා.

ඒ, ඉන්දීය ණය පහසුකම යටතේ අලුතින් ගෙන ඇති තීරණය හේතුවෙන්. ඒ අනුව ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ට වෙළඳ අමාත්‍යංශයේ ලියාපදිංචි වන ලෙසටයි දන්වා ඇත්තේ.

එහිදී තිරිඟු පිටි, සීනි, සහල්, ලූණු සහ වියළි මිරිස් වැනි පාරිභෝජන ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ඇති.

මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ රැගත් කන්ටේනර් 1,500 ක් පමණ වරායේ සිරවී තිබෙනවා. ඒ, ඒවාට ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්.

එහෙත් ඒ අතර ඇති ඉන්දියාවෙන් ආනයනය කළ බහාලුම් නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බවටයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් විශ්වාසය පළ කරන්නේ.

ලබන සතිය වන විට එම භාණ්ඩ වෙළඳපොලට නිකුත් කරනු ඇති බවට විශ්වාස කරනවා. කෙසේවෙතත් වෙනත් රටවලින් ගෙනැවිත් ඇති භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගත හැක්කේ බැංකුවලින් ඩොලර් ලබාදෙන පරිදි බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ.

මේ අනුව එළඹෙන අලුත් අවුරුදු සමයේ භාණ්ඩ හිඟයක් ඇතිවේදැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගෙන් විමසීමක් කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ දැන් ප්‍රමාදවී ඇතත් හැකි ඉක්මනින් ඉන්දියාවෙන් හෝ භාණ්ඩ ආනයනය කරන බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now