හොර ඩී අයි ජීගේ ගණිකා නිවස වටලා 4 ක් අල්ලලා !

police sri lanka arrested Sri lanka sinhala news today trending news gagama news
By krishani Mar 23, 2022 06:31 AM GMT
krishani

krishani

Report

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනීසිටි අයෙකු විසින් පිළියන්දල කරදියාන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය මගින් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරු වැටලීමේදී පලාගොස් ඇති අතර ඔහු දේශපාලනඥයන් සහ උසස් පොලිස් නිලධාරීන් සහභාගීවන උත්සවවලට සහභාගී වී ඔවුන් අසලම සිට ඡායාරූප ලබාගෙන ඒවා රාමුකර ගණිකා මධ්‍යස්ථානයේ බිත්තිවල එල්ලා මෙය සිදුකරගෙන ගොස් ඇතැයි හෙළි කර ගෙන තිබේ.

පොලිසිය එම ස්ථානය වටලන විට දේශපාලකයන් සහ උසස් පොලිස් නිලධාරීන් සමග ප‍්‍රධාන සැකකරු පෙනීසිටින ඡායාරූප කිහිපයක් ඇතුළුවන ස්ථානයේ දැක ගැනීමට තබා ඇත.

මෙම සැකකරු අවට ප‍්‍රදේශවාසීන්ට හා සේවකයින්ට තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවත් මෙම ස්ථානය පොලිසියෙන් වටලන්නේ නැති බවත් ප‍්‍රකාශ කර ඇත.

වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත උපායදූතයන් යොදවා වැටලීම සිදුකරන විට ගණිකා වෘත්තියේ යෙදී සිටීමට සිටි බව කියන අවුරුදු 20 සහ 23 වයසේ තරුණියන් දෙදෙනෙකු එය පවත්වාගෙන ගිය මුදල් කළමනාකාරිනිය සහ ඇයගේ සහායිකාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ස්ථානයේ ගණිකාවන් රුපියල් 10,000ත් 20,000ත් අතර මිලකට අලෙවි කර ඇති බවද හෙළි කරගෙන ඇත. මෙම ස්ථානයේ ලිපිලේඛන පරික්‍ෂා කිරීමේදී කාන්තාවන් පස්දෙනකු ගණිකා වෘත්තියේ යෙදීම සඳහා සිට ඇති බව හෙළි වී ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now