ඩොලර් අර්බුද මැද බූස්ටර් ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න !

Vaccine sri lanka Booster covid 19 gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 21, 2022 05:04 AM GMT
krishani

krishani

Report

මෙරට තුළ මේ වනවිට පවතින කොවිඩ් මර්දන එන්නතේ 03 වන මාත්‍රාව සඳහා භාවිත කරන එන්නත් තොග අවසන් වුවහොත් එම එන්නත් තොග යළි ආනයනය සඳහා කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එබැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන් හැකි ඉක්මනින් එම මාත්‍රාව ලබාගත යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  හේමන්ත හේරත් පැවසුවේ.

බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා මේවනවිට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ(20) දිනය වන විට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ හය ලක්ෂ 89,489 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now