16හැවිරිදි සිසුවා රැගෙන 60පාරක් හෝටලයට ගිය,තරුණ ගුරුවරිය අධිකරණයෙන් ඉල්ලූ දේ !

police sri lanka Arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 19, 2022 05:54 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙකු වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පරිගණක ගුරුවරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ ඊයේ(18) අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත.

මේ වන විට වයස 20 පමණ වන මෙම තරුණයා තමාට විවාහ යෝජනා කරන බවත් තමන් එයට අකමැති වීම හේතුවෙන් ඔහුත් තමා එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට තම නිවසට ලැබීමට සලස්වා ඇති බවත් පැමිණිලිකාරිය සිය අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව තමා වින්දිතයෙක් වී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධියේ පළමු පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවද එම අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ලද තොරතුරු මත එසේ වුවහොත් තමන්ට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට මෙම අයදුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now