වී මිල ඉතිහාසගත ලෙස ඉහළට - දේශීය නාඩු සහල් කිලෝවක මිලත් රුපියල් 200 ඉක්මවන ලකුණු ! ඉදිරියේ දී හාල් වලින් ජනතාවට සහනයක් නැති වෙයි ද..?

sri lanka gagana news Sri lanka sinhala news today trending news Price of rice
By krishani Mar 17, 2022 08:34 AM GMT
krishani

krishani

Report

සෑම වර්ගයකම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යන පසුබිමක අද වන විට වී මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ නාඩු වී කිලෝවක මිල අද වන විට රුපියල් 110 ක් පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දේශීය නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවද ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියා.

පොහොර ගැටළුව හේතුවෙන් මෙවර මහ කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය පරිදි පොහොර ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරි කාලයේදී සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවද එක්සත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

පවතින තත්ත්වය යටතේ සාමාන්‍ය පවුලක වාර්ෂික සහල් පිරිවැය රුපියල් 40,000 කින් පමණ වැඩිවී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now