කබ්රාල් ඉවතට ද..? (PHOTOS)

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Ajith Niward Kabral A press release
By krishani Mar 17, 2022 06:32 AM GMT
krishani

krishani

Report

මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙසට දැනුම් දුන් බවට පළ වූ වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනපති පවසනවා.

අජිත් නිවාඩ් කබ්රාල් තමාගේ උපරිම විශ්වාසය භුක්ති විඳින අතර, බොහෝ කටයුතු සඳහා තමන්ට සහාය වන බව යි ජනපතිවරයා පවසන්නේ.

රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය ඔහුට පවතින බවත් මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යයට පත් නො වන ලෙසත් රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් කරගෙන යන ලෙසත් ජනපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දෙනු ලැබ තිබෙනවා.

 එම නිවේදනය පහතින් ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery