පුටින් එකට එක කරයි - බයිඩන්ටයි පුතාටයි රුසියාව පැත්ත පළාතේ එන්න නොදී කරන්න යන අලුත්ම වැඩේ !

decision world news Sri lanka sinhala news today trending news russian president
By krishani Mar 16, 2022 04:26 AM GMT
Report

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව  ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.

දහතුන් දෙනාගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්,ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

ලැයිස්තුවේ තවත් පහළට යනවිට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් ගේ නම්ද දක්නට ලැබේ.

ඉහත ලැයිස්තුවේ නම් ඇතුළත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුල් වීම සපුරා තහනම් වන බවත් ඉදිරියට තවත් නම් මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාව පැනවූ සම්බාධකවලට පිළිතුරු වශයෙන් මෙම සම්බාධක පැනවූ බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now