සුළු සහල් මෝල් හිමියන්ගෙන් විශේෂ ඉල්ලිමක් - ඉදිරියේ දී සහල් මිලත් වැඩි වෙයි ද..?
සහල් සදහා පාලන මිලක් පැනවීමට රජය මගින් කටයුතු නො කලහොත් ඉදිරි සති කිහිපය තුල සහල් කිලෝවක මිල රුපියල් 200 සීමාව ඉක්මවිය හැකි බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කළේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහ සහල් නිෂ්පාදකයින්ට වාසි සහගත වන ආකාරයෙන් රජය ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
මේ අතර පවතින තත්වයන් හමුවේ සහල් ඇසුරුම් කිරීමට යොදා ගන්නා උරයක මිල රුපියල් 35කින් ඉහළ නැංවීමට පොලිසැක් බෑග් හෙවත් සහල් උර නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාකයන් පෙන්වා දෙන්නේ රට තුල පවතින ඩොලර් අර්බුදය සහ යුක්‍රේන - රුසියා යුද්ධයත් සමග අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ නැංවීම සිදු කරන බවයි.
මේ සමග ඉදිරියේ දී සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි හැකි බවට යි වාර්තා පළ වන්නේ. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ සහල් සඳහා පාලන මිලක් පැනවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව සහල් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි නියෝජිත එම්.එස්.එම් ශානීර් සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉහළ යන සහල් මිල පාලනය සඳහා එම පියවර ගත යුතු බවයි. දඹුල්ල ප්‍රදේශයේ ඊයේ(15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිශාන්ත බණ්ඩාර සහ එහි නියෝජිත බුද්ධදාස අබේකීර්ති ද සඳහන් කළේ සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජය වහා කටයුතු කළ යුතු බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |