ලයිට් කැපිල්ල පැයකින් වැඩිවෙයි ! අද ඉඳන් ලයිට් කැපෙන්නේ මෙහෙමයි !

sri lanka increases trending news gagana news Sri lanka sinhala news power cuts one hour light-cut
By krishani Mar 16, 2022 01:29 AM GMT
krishani

krishani

Report

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා අද (16) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් ද, ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 45 ද, ‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now