වාහන අනතුරට පත් වූ විට රක්ෂණ මුදල ලබා ගැනීමට යොමු කළ යුතු NO OBJECTION ලිපියට ඉදිරියේ දී වෙන්න යන විශේෂ දේ මෙන්න..?
රක්ෂණ පනත සම්මත වූවායින් පසු රක්ෂණ සමාගම් විසින් ජනතාව ගොනාට අන්දවා ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා.
අද වන විට වාහන අලුත්වැඩියාකරන ආයතනවල ලක්ෂ 2කට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් සිර වී තිබීමට හේතුව NO OBJECTION ලිපිය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
වාහනයක් රිය අනතුරකට ලක්වූවායින් පසු රක්ෂණ මුදල ලබා ගැනීම සදහා ලීසිං ආයතනයෙන් ලිපියක් අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර මෙම NO OBJECTION ලිපිය හේතුවෙන් ලංකාවේ බොහෝ ලීසිං ආයතන අනතුරට පත් වාහන වල හිමිකම් සියල්ල තමන්ට ලබාගෙන, වාහන, අලුත්වැඩියා කරන ආයතනවලට සිර කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය පවසන්නේ.
නමුත් මින් ඉදිරියට මෙම ලිපිය (No Objection Letters) අවශ්‍ය නොවන බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලිඛිතව දන්වා තිබෙන අතර ඒ අනුව වාහනයේ හිග වාරික පැවතියද අනතුරක් වූ පසු අදාළ රක්ෂණය ලබා ගැනීම සදහා තවදුරටත් ලීසිං ආයතනයෙන් ලිපි අවශ්‍ය නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.
රටතුළ පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ වුවද ලීසිං ආයතන කිසිම සහනයක් ලබා නොදී වාහන අත්පත් කරගනිමින් සිටින බවයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසන්නේ.
මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර ණය වාරික ගෙවීම සදහා ජනතාවට සහනයක් ලබා දිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |