"මේ මහින්දගේ හාමුදුරුවෝ,මේ වොයිස් කට් හාමුදුරුවෝ..?"ශාසනය පිරිහිලා ! මහානායක හිමිවරු වගකිව යුතුයි ! ආචාර්ය සෝභිත හිමි ආන්දෝලනයක් ඇති කරයි ! (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Chamuditha
By krishani Mar 09, 2022 01:15 AM GMT
krishani

krishani

Report

අද ඇතැම් හාමුදුරුවරුන් කරන වැඩ නිසා භික්ෂුවට තිබුණු ගෞරවය නැත්තටම නැතිවී ගොස් ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

අද බෞද්ධ ශාසනයේ විනාශයට මහ නායක හිමිවරුන් පවා වගකිව යුතුව ඇති බවත් පවසන උන්වහන්සේ සමහර හාමුදුරුවරු ඇමතිවරුන්ගේ දාසයන් වී ඇති බවත් පෙන්වා දෙති.

ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගත නොහැකි බව කී උන්වහන්සේ එම මන්ඩලයේ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් බවත් එම උපදේශක මණ්ඩලයෙන් බෞද්ධ ආගම වෙනුවෙන් කළ දෙයක් නැති බවත් කීහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

විඩියෝ දර්ශන - Chamuditha News Brief Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now