ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි !

sri lanka politician gagana news Sri lanka sinhala news today trending news Mr.Jayantha Samaraweera
By krishani Mar 08, 2022 09:42 AM GMT
krishani

krishani

Report

ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ගුදම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්තය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළා.

ඒ ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක්දී අදහස් දක්වමින්.

එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් අවසන් තීරණයක් තවමත් නොමැති බවත් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට සිය පක්ෂය මේ වන විට තීරණය කර ඇති බවත් ඔහු කියා සිටියා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු එක්ව සිටි අතර එම පක්ෂයේ නායක විමල් වීරවංශ මේ අවස්ථාව සඳහා එක්ව නො සිටීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now