කාදිනල් හිමිගේ වතිකානු ගමනෙන් පාප් වහන්සේ විශේෂ තීරණයක් ගනී ! මෙන්න ඒ විශේෂ තීරණය !

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 07, 2022 07:30 AM GMT
krishani

krishani

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීම සඳහා යුරෝපා රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කොට ඇත.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාප් වහන්සේ අතර පැවැති සාකච්ජාවලින් අනතුරුව උන්වහන්සේ මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.

මෙම රැස්වීම වතිකානුවේදී පැවැත්වීමට නියමිත අතර බොහෝ දුරට එය අප්‍රේල් මාසයේදී සංවිධානය වනු ඇති බව දැනගන්නට තිබේ.

කොළඹ අගරදගුරු හිමිපාණන් පෙබරවාරි 28 වැනි දින වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවූ අතර, එම හමුවේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ඊට අදාළ විමර්ශන පිළිබඳව සාකච්ඡා කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now