ඇමතිකම ගැලවුණත් විමල්ට සහ ගම්මන්පිලට ලැබුණු විශේෂ තෑග්ග !

sri lanka politics gagana news Sri lanka sinhala news today trending news Mr.Udaya Gammanpila Mr.wimal weerawansha
By krishani Mar 06, 2022 03:43 AM GMT
krishani

krishani

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණයි.

ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණා.

මේ අතර කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉකුත්දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබූ බවද මීට පෙර වාර්තා වුණා.

මේ අතර නාරම්මල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(05) පැවති උත්සවයට ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11 ක සහභාගිත්වයෙන් පසුගියදා පැවති සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගීවී තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම් අසංක නවරත්න සහ ප්‍රේම්නාත් සී දොලවත්ත එම මන්ත්‍රීවරුන් දෙදෙනායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now