පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක ! හෙටින් ආරම්භ වන නව පාසල් වාරයට කුමක් වෙයි ද..?

gagana news Sri lanka sinhala news today trending news Schools transportation
By krishani Mar 06, 2022 02:17 AM GMT
krishani

krishani

Report

දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (07) ආරම්භවීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව එක් පන්ති කාමරයක සිසුන් 20 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිටිී නම් එම පන්ති කණ්ඩායම් 2කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති, සිසුන් සංඛ්‍යාව සමාන කොටස් 3 කට බෙදා වෙන් කර ඒ ඒ දිනවල හෝ සතිවලදී පැවැත්විය යුතු බවයි.

කොරෝනා තත්ත්වය සහ රට තුළ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

එමෙන්ම පාසල් ආරම්භ කිරීමට පෙර අද (06) දිනයේ පිරිසිදු කිරීමේ කටයුතු සහ විෂබීජහරණ කටයුතු සිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා අදාළ පාසල්වල ගුරුවරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සම්බන්ධ කර ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (05) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පවතින තත්ත්වයන් හමුවේ හෙට දින පාසල් ආරම්භ කිරීම සඳහා රජයට විධිමත් සැලැස්මක් නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now