පොළොස් ගෙඩි 6ට ලැබුණ නොසිතපු දඬුවම !

sri lanka arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 04:56 AM GMT
krishani

krishani

Report

කොස් ගසකින් පොළොස් ගෙඩි 6ක් සොරකම් කළ පුද්ගලයෙකු ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(28) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමකට ඇතුළු වී කොස් ගසකින් පොළොස් ගෙඩි 6ක් කඩා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් මොහු අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දී ඇති අතර ඉන් අනතුරුවයි ඔහු ඊයේ අධිකරණය ඉදිරිපත් කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now