පුද්ගලික බස් ධාවනයට වුන වැඩේ ! තවත් කෙනෙක් කරලියට ! ජනතාවට තවත් අපහසුතාවයට පත් වන්නට සිදු වෙයි ද ?

sri lanka gagana news Sri lanka sinhala news Today trending news srilankan bus industry
By krishani Feb 25, 2022 08:47 AM GMT
krishani

krishani

Report

පවතින ඉන්ධන හිඟය හමුවේ බස් රථ හිමියන් ධාවනයට එක්කරන බස් රථ ගණන අඩුකර ඇති බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පැවති තත්ත්වය හමුවේ ධාවනයට එක්කර තිබූ බස් රථ සියයට පනහෙන් මේ වන විට ධාවනය වන්නේ සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් පැවසුවේ ඩීසල් හිගය සෘජුවම බස්රථ කර්මානත්යට බලපා ඇති බවයි.

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ ඉන්ධන අර්බුධය හේතුවෙන් පෞද්ගලික බස් ධාවනයේ කිසියම් අඩුවක් සිදුවන්නේ නම් එය සම්පූර්ණ කිරීමට ලංගම බස් යොදවන බවයි.

මේ අතර, පවතින ඩීසල් හිගය දුම්රිය ධාවනයට බලපෑමක් ඇති නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න පවසනවා.

ඒ අනුව ඉදිරි දිනවලදීද දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත තොග අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය දෙපාර්තමේන්තුව සතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now