ආපනශාලාවක නොසිතූ වෙලාවක සිදු වූ ගින්නකින් තිදරු පියාට වූ ඛේදනීය ඉරණම !

Investigation Police Fire Accident Lindula gagana news sri lanka sinhala news
By krishani Feb 14, 2022 06:21 AM GMT
krishani

krishani

Report

සිරුරට ගිනි ඇවිලී තිදරු පියා ජීවිතක්ෂයට සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාවේ මුළුතැන්ගෙය තුළ අද (14) උදැසන 8ට පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වී ඇත්තේ, ලිඳුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු ලිඳුල නගරයේ ආපනශාලාවක කොකියෙකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි අලුයම ආපන ශාලාව වෙත පැමිණ ආහාර පිසිමින් සිටින අවස්ථාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුළ මියගොස් ඇති බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලීසිය කියා සිටියේය.

සිරුරට ගිනි ඇවිලෙන අවස්ථාවේ ආපන ශාලාවේ කිසිවෙක් සිට නොමැති බවත්, ආපනශාලාවේ හිමිකරු ආපන ශාලාවට පැමිණ පරීක්ෂා කරන අවස්ථාවේ කෝකියා මියගොස් ඇති බව දැක පොලීසියට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now