රහස් ඔත්තුවෙන් මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි - අත්අඩංගුවට ගත් කුෂ් හා හෂීෂ් තොගය මෙන්න

Report

විදේශයක සිට මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බවයි.

අදාළ සැකකරුගෙන් ලද තොරතුරු අනුව, පෞද්ගලික කුරියර් සේවාවක් ඔස්සේ මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 599ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 409ක් සොයාගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු භාරයේ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරමින් පවතී.

විදුලිය අපනයනය නොකර රට තුළම ඵලදායීව භාවිත කරන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය සූදානම්

විදුලිය අපනයනය නොකර රට තුළම ඵලදායීව භාවිත කරන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය සූදානම්

කාලගුණයෙන් ලංකාවට රතු නිවේදන - මේ ප්‍රදේශ වලින් වහාම ඉවත් වෙන්න - විශේෂ දැනුම්දීමක්

කාලගුණයෙන් ලංකාවට රතු නිවේදන - මේ ප්‍රදේශ වලින් වහාම ඉවත් වෙන්න - විශේෂ දැනුම්දීමක්