මේ සේවාවට නවක පුද්ගලයින් බදවා ගැනේ

Report

මෙරට නාගරික ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අලුතින් බඳවාගත් සේවකයින් 35 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (22) සිදුකෙරිණි.

බත්තරමුල්ල ‘සුහුරුපාය’ 19 වන මහලේ පිහිටි ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

මෙම නව බඳවා ගැනීමට මෙට්‍රෝ බස් රථ රියදුරන් 14 දෙනෙකු, කොන්දොස්තරවරුන් 18 දෙනෙකු, සුපරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ විදුලි කාර්මික ශිල්පියෙකු ඇතුළත් වේ.

මෙලෙස පත්වීම් ලැබූ පිරිස අලුතින් ආරම්භ කර ඇති මෙට්‍රෝ ඩිපෝ අංගන මූලික කරගනිමින් ක්‍රියාත්මක මාර්ග හතෙහි ගමනාගමන සේවා සඳහා යෙදවීමට නියමිතයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් අද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් අද අධිකරණයට

මෙම අවස්ථාවට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ සභාපති ඉංජිනේරු යූ.පී. තිලකරත්න, ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු බී.එම්. පියතිලක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එස්. අවන්ති සේනාරත්න, වෘත්තීය සමිති ලේකම් එස්.පී. විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ පත්වීම්ලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.