අපායක් දෙව්ලොවක් වීම !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending
play ground
By krishani
බදුල්ල නගරයට වසර පනහක් තිස්සේ පාරිසරික ගැටලුවක්ව පැවැති අක්කර දෙකක කුණු කන්ද ගොඩකර ඒ මත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අතීතයේ මේ ප්‍රදේශය පිරිසිදු ජලය පිරී තිබුණු වැවකින් සමන්විතව තිබූ අතර පසුකාලීනව ප්‍රදේශයේ ජනගහණයේ වර්ධනයත් සමග නගර සභාවට වැවේ කසළ ගොඩකිරීමට සිදුව ඇත.
පසුගිය කාලයේ සති ගණනාවක් මේ කසළ කන්ද ගිනි ගැනීම නිසා ප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍ය ආයතන දින ගණනාවක් වසා තැබීමටද සිදුවූ අතර ජන ජීවිතයද අඩාළ විය.
කසළ කන්දෙන් බැහැර වන අපදව්‍ය ජලය බදුලු ඔයට එක්වීම නිසා එහි ජලය අපවිත්‍රව පැවතිණි.
පසුව මෙම කුණුකන්ද ගොඩකර ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |