ලාසා නිසා එක් අයෙක් ජීවිතක්ෂයට ! මොකද්ද මේ ලෝකයට වෙන්න යන්නෙ ?

world news gagana news Sri lanka sinhala news today trending news Lasa virus
By krishani Feb 12, 2022 03:12 AM GMT
krishani

krishani

Report

බටහිර අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින "ලාසා වෛරසය" ආසාදනය වූ බ්‍රිතාන්‍යය වැසියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ අද(12) නිවේදනය කර සිටිනවා.

බටහිර අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු නැවත සිය මව්රට බලා පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජාතික පවුලක සාමාජිකයින් තිදෙනෙකුට " ලාසා වෛරසය" ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ නයිජීරියාව ඇතුළු බටහිර අප්‍රිකානු කලාපයේ රටවල් තුල "ලාසා වෛරසයේ" ව්‍යාප්තියක් ඉකුත් සති දෙකක කාලය තුලදී ඉස්මතු වෙමින් පවතින බවයි.

බටහිර අප්‍රිකාවේ වෙසෙන Natal Multimammate සිටින මීයන් හරහා ව්‍යාප්ත වන "ලාසා වෛරසය", ලාසා උණ ලෙස හඳුන්වන උග්‍ර වෛරස් රක්තපාත උණ පළමු වරට වාර්තා වුයේ 1969 වර්ෂයේදීය.

Natal Multimammate මියන් ඇතුළු සෙසු මියන් ද වෛරස් වාහකයින් ලෙස හඳුනාගෙන ඇත.

මෙම වෛරසය ආසාදනය වන පුද්ගලයින් ගෙන් 10-15% ක් අතර පිරිසකට මරණයට පත්වීමේ සම්භාවිතාවක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now