වාහන සිහින දකින අයට නව සුභ බලාපොරොත්තුවක් !

sri lanka gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 05, 2022 04:38 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළෙදපොළේ භාවිතා කරන ලද මෝටර් රථ ඇතුළු වාහනවල මිලෙහි යම් අඩුවීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල භාවිතා කරන වාහනවල මිල ගණන් ජනවාරි මස අගවන විට අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය උදාවීමත් සමග ලොව සෑම රටකම භාවිතා කරන ලද වාහන වල මිල ගණන් සියයට 50කින් ඉහළ ගිය බව CNBC මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

බටහිර රටවල එසේ වුවත් ඉන්දියාවේ භාවිතා කරන ලද මෝටර් රථ වල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරන අතර ශ්‍රී ලංකාවේ භාවිතා කරන ලද මෝටර් රථ වෙළෙදපොළේ කිසිදු මිල අඩුවීමක් දක්නට නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now