තවම ඉල්ලලා නෑ.ඉල්ලුවොත් දෙනවා !

sri lanka world IMF gagana news sri lanka sinhala news today trending
By krishani Feb 05, 2022 03:06 AM GMT
krishani

krishani

Report

ශ‍්‍රී ලංකා රජය මූල්‍යමය උපකාර බලාපොරොත්තු වන්නේ නම්, ඒ සදහා ඇති විකල්ප පිළිබදව රජය සමග සාකච්ඡා  කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව, එම සංවිධානයේ මෙරට නියෝජිත මසාහිරෝ නොසාකි මහතා විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පවසා තිබේ.

කෝවිඞ් වසංගතය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීමත්, විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන පේ‍්‍රෂණ අඩු වීමත් හේතුවෙන් රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටියි.

මේ වසර අවසන් වීමට පෙර ඩොලර් බිලියන හතකට ආසන්න විදෙස් ණය ගෙවීම් සිදු කිරීමට ඇති අතර, මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ගෙවීම් ප‍්‍රතිව්‍යුහගත කරන ලෙස බොහෝ පාර්ශ්වයන්ගෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් ව තිබේ.

නමුත් මේ දක්වා නිල වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකා රජය උපදෙස් ඉල්ලා නැති බව ද මෙරට නියෝජිතවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now