පිහි ඇණුමකින් මිය ගිය පාසල් සිසුවියගේ ඛේදනීය කතාව

murder sri lanka gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 05, 2022 01:46 AM GMT
krishani

krishani

Report

පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා සිටි පාසල් සිසුවියක් ඊයේ(04) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියකි.

මෙම පාසල් දැරිය පිහි ඇනුමට ලක්ව ඇත්තේ සිය නිවසේ සිටියදීය.

පෙම්වතා බවට අනාවරණය වී ඇති තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පිහි ඇනුම සිදුවන අවස්ථාවේ දැරියගේ මවද නිවසේ සිට ඇති අතර සැකකාර තරුණයා එම නිවස තුළ සැඟවී සිට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලිසිය සැකපළ කරයි.

බරපතළ තත්වයේ පසුවූ දැරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති 17 හැවිරිදි වියේ පසුවන තරුණයා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 9 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now