මත් පෙති පොවා තිදරු මවට කළ විනාශය !
කලක සිට තමාට මත් පෙති පානය කිරීමට ලබා දී මත්වූ පසු සලෙලූන්ට මුදලට විකුණා හරි හම්බ කර ගත් බව කියන සිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මල්වතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටින තිස් අට හැවිරිදි තිදරු මවක් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය වෙත පෙරේදා (02 දා) දහවල් ලබා දුන් ප්‍රකාශයක් පිළිබඳව අනුරාධපුර මුලස්ථාන පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.
වසර තුනක පමණ කාලයක සිට තමා සිය විවාහක සැමියාගෙන් වෙන්ව අනියම් සැමියා සමග කුලී නිවසක එකට ජීවත්වන බවත් එකී කාලය තුළ ඔහු සමග එකට මත් පෙති පානය කළ බවත් ඇය රෝහල් පොලිසියේ නිලධාරියකුට ස්වයං පාපොච්චාරණයක් සිදු කොට තිබේ.
එලෙස මත් පෙති පානය කොට මත්වූ පසු අනියම් සැමියා විසින් තමාව පිටස්තර පුද්ගලයින්ට මුදලට විකුණූ බවත් එම අවස්ථාවන්හිදී තමා එම පුද්ගලයන් සමග කැමත්තෙන් සිටි බවත් එම කාන්තාව ප්‍රකාශ කොට ඇත.
අනියම් සැමියා විසින් තමාව විකිණීම සම්බන්ධයෙන් අකමැති බැවින් තමාට මත් පෙති පානය කිරීමට නොදීමෙන් ශරීරය දැඩි ලෙස වේදනාවට පත්වන බවත් ඇය පවසා තිබේ.
තමා පිටස්තර පුද්ගලයන්ට විකිණීමට ක්‍රියා කිරීමට එරෙහිව ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |