කෝටි බර ගණනකින් රෝසි පුෂ්පිකා කෙහෙවලු පටලවා ගැනීමට වුන වැඩේ ?
gagana news
Sri lanka sinhala news
today trending
Mrs.Rosi Senanayake
Mrs.Pushpika De Silva
By krishani
පසුගිය දා අවසන් වූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට තමා බලපෑම් කළ බව පැවසීමෙන් තමන්ගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය රූ රැජිණක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට එරෙහිව එන්තරවාසියක් යවා තිබේ.
මේ සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ද ඇය සිය එන්තරවාසිය මගින් පුෂ්පිකා ද සිල්වාගෙන් ඉල්ලා ඇත.
පුෂ්පිකා ද සිල්වා පසුගිය දිනක යූ-ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට එරෙහිව සේනානායක මහත්මිය විසින් සිය නීතිඥවරුන් මගින් මෙම එන්තරවාසිය යවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |