ඔබ කැමතිම විදුලි මෝටර් රථ ගැන වෙන අලුත්ම වෙනස
පොසිල ඉන්ධන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෝටර් රථ කර්මාන්තයේ විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතී.
විශේෂයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අනාගතයේදී වැඩි ඉල්ලුමක් ඇතිවීමට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ සඳහා මේ වනවිට ලොව විවිධ සමාගම් ලක ලැහැස්ති වෙමින් සිටී.
මේ අතර ප්‍රංශයේ රෙනෝල්ට් සමාගම සහ ජපානයේ නිසාන් හා මිට්සුබිශී සමාගම් එකතු වී විදුලි වාහන නිෂ්පාදනය ට තීරණය කර ඇති බව වාර්තා විය.
ඒ සඳහා ඔවුන්ගේ ආයෝජන වැඩි කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රංශ සහ ජපාන සමාගම් එකමුතුව අනාගත විදුලි වාහන ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙයි.
ඒ අනුව ඉදිරි වසර 5 තුළදී ඩොලර් බිලියන 23ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.
එහිදී කාණ්ඩ 5ක් යටතේ 2030 වනවිට විදුලි වාහන මාදිලි 30ක් පමණ නිර්මාණය කිරීම එම සමාගම්වල සැලසුම වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |