විදේශ විනිමය අර්බුද හමුවේ යළි නිවෙන සපුගස්කන්ද

#sinhala news in sri lanka#tamil news in sri lanka#today news#sri lankan news#The foreign exchange crisis#closure of Sapugaskanda oil refinery#
By krishani Jan 03, 2022 04:03 AM GMT
krishani

krishani

Report

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද (03) දිනයේ සිට යළි වසා දැමීමට තීරණය කර තිබේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ බොර තෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස තෙල් පිරිපහදුව වසා දැමෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මස 15දායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙන දෙවන අවස්ථාව මෙය වෙයි. පසුගිය වසරේ නොවැම්බර් මස 15 වනදා තෙල් පිරිපහදුව වසා දැමීමෙන් පසු දින 22කට පසුව එය යළි ආරම්භ කෙරුණි.

ඒ, දෙසැම්බර් මස 7 වනදාය. අනතුරුව, එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණි. මෙම මස අවසන් සතියේදී ඉන්ධන නෞකාවක් මෙරටට පැමණීමට නියමිත අතර ඉන්පසු තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now