ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්ලු.

India Sri Lanka Navy
By Wayomi Nov 18, 2022 11:51 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතීන් උල්ලංඝනය කරමින් සිටින බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් චෝදනා කරනවා.

නොවැම්බර් 16 වන දින ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ යාන්ත්‍රික බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම සම්බන්ධව තමිල්නාඩු මහ ඇමතිවරයා කනස්සල්ල පළකරනවා.

ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වෙත ලිපියක් යවමින්.

එම ලිපිය හරහා එම්.කේ ස්ටාලින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය වහා ම සාධනීය පියවරක් ගත යුතු බව සහ දිගින් දිගට සිදුවන මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ නිල විරෝධය පළ කළ යුතු බවයි.

එමෙන්ම මෙම වසර තුළදී පමණක් තමිල්නාඩු ධීවරයින් 198 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙලෙස සිය ධීවරයින් නිතර සිරගත කිරීම, ඔවුන්ගේ බෝට්ටු අත්අඩංගුවට ගැනීම සහ යාත්‍රාවලට සිදු කරන ලද අලාභහානි හේතුවෙන් මුළුමනින්ම ධීවර කර්මාන්තයෙන් යැපෙන බොහෝ ධීවරයින්ගේ ජීවනෝපාය බිඳ වැටී ඇති බවයි ස්ටාලින් චෝදනා කරන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අපගේ ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදුවන අතර එය ඉන්දියාවට සහ ඉන්දියාවේ ආරක්ෂාවට අභියෝගයක් ලෙස පෙනෙන බවයි තමිල්නාඩු මහ අමාත්‍යවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW