රෝගීන්ගේ පවුල් පිටින් අගාධයට ඇද දැමූ ඖෂධ හිඟය ගැන සංජීවගෙන් අනාවරණයක්

Report

Neupogen S.C ඇතුළු අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කිහිපයක දිගුකාලීන හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පිළිකා ඖෂධ හිඟය දිගු කාලයක් තිස්සේ පවතින ගැටලුවක් බවත්, රජයේ රෝහල්වල ප්‍රමාණවත් සැපයුම් නොමැතිකම හේතුවෙන් ලියාපදිංචි නොකළ ඖෂධ අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරම් සඳහා අවස්ථාව සැලසී ඇති බවත්ය.

වෛද්‍ය චමල් සංජීව මහතාට අනුව, ඇතැම් බාහිර සැපයුම්කරුවන් මගින් අලෙවි කරන ලියාපදිංචි නොකළ පිළිකා ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු මතුවී තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයිද? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයිද? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

ඇතැම් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා මසකට රුපියල් 500,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එම තත්ත්වය රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද, මෑතකදී ඖෂධ මිල ගණන් ඉහළ යාමත් සමඟ පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධවල පිරිවැයද තවදුරටත් වැඩි වී ඇති අතර, ප්‍රතිකාර ලබාගැනීම රෝගීන්ට වඩාත් අසීරු වී ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිගුකාලීනව පිළිකා ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා විශේෂ සහන වැඩසටහනක් හඳුන්වා දෙන ලෙසත්, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය හා මුදල් අමාත්‍යාංශවලින් ඉල්ලා සිටියේය.

තමිල්නාඩුවේ නව පරිච්ඡේදයක් - මහ ඇමති විජේගේ පළමු කැබිනට් රැස්වීම අදයි

තමිල්නාඩුවේ නව පරිච්ඡේදයක් - මහ ඇමති විජේගේ පළමු කැබිනට් රැස්වීම අදයි

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්