ලෙවොටෝබිහි, ලකිලකි ගිනිකන්ද විදාරණය වේ - ගුවන්තොටුපළක් වසා දමයි
By Mithu
ඉන්දුනීසියාවේ පිහිටි ප්‍රකට ලෙවොටෝබි ලකිලකි ගිනිකන්ද නැවත වරක් ප්‍රබල ලෙස විදාරණය වීම ආරම්භ වී තිබේ.
සක්‍රීය වී ඇති මෙම ගිනිකන්දෙන් අධික ලෙස අළු සහ දුම් පිටවීම හේතුවෙන් ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කරනු පිණිස අදාළ ප්‍රදේශයේ පිහිටි ගුවන්තොටුපළක් වහාම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීටර් එක්දහස් පන්සිය අසූහතරක් උසැති මෙම භයානක ගිනිකන්ද, පසුගිය වසරේ ජූලි මාසයේදී ද මෙලෙසම දරුණු ලෙස විදාරණය වූ අතර, එහිදී සිදුවූ අළු විමෝචනය හේතුවෙන් සංචාරක ආකර්ෂණයක් දිනාගත් බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීම් සහ පිටවීම්වලට අදාළ ගුවන් ගමන් විසිහතරක් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට එරට ගුවන් බලධාරීන්ට සිදුවිය.