ඉදිරියේදී රට වහන්නට සිදුවීම ගැන දැනුම් දීමක්...සියලු උත්සව නවත්වන්න වෙයි?..
ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු උනොත් පුදුම වෙන්න එපා - නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත්.
රට වැසීමේ ක්‍රියාවලිය ඕනෑ ම මොහොතක කරන්න පුළුවන් දෙයක්.
ඒ සඳහා මාර්ග උපදෙස් පමණයි නිකුත් කරන්න තියෙන්නේ.
අපේ රටේ පුරවැසියන්ගේ චර්යාවන් අපි බලාපොරොත්තු නො වුණ ආකාරයෙන් දිගින් දිගට ම සිදු වෙනවා.
මේ තත්ත්වය මත තවදුරටත් පවත්වාගෙන යන්න බෑ රටේ ජනතාවගේ හැසිරීම මත තමයි ලොක් ඩවුන් එකක් ඕන ද නැද්ද කියලා තීරණය කරන්නේ.
ඉදිරි නත්තල් උත්සව සමයේ රට වැසීමට සිදු වුණොත් පුදුම වෙන්න එපා, වගකීම් විරහිත පුද්ගලයන් විසින් ප්‍රසිද්ධියේ සහ හොර රහසේ උත්සව සම්භාෂණය සංවිධානය කරනවා, බරපතල තත්ත්වයක ඉඳලා නැගිටින්න උත්සාහ කරන මොහොතේ මෙවැනි උත්සව සංවිධානය කිරීමෙන් සහ ඒවාට සහභාගි වීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා.
අවසර නැතුව උත්සව සංවිධානය කළොත් අවලංගු කරන්න පුළුවන්, දැනුවත් නොකොට සිදු කළොත් බරපතළ වරදක්.
අපි දන්නවා අපිට වසර කිහිපයක් මෙවැනි උත්සව අහිමි වුණා, නමුත් එයට සහභාගී වන අය මේ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් මොකද සෞඛ්‍ය අංශ වලට මේ සම්බන්ධයෙන් මුර කිරීමේ හැකියාවක් නෑ.
සාප්පු සවාරි දැන්ම ඉඳලා ගිහිල්ලා අවසන් කර ගත යුතුයි සාප්පුවල පිරිස් පිරුණොත් අපට විවිධ තීරණ ගන්න වෙයි.
එහෙම දෙයක් වෙනවා කියලා තියෙනවා නෙවෙයි නමුත් මේ උත්සව සමයේ රටට අගතිගාමී දෙයක් සිදු නොකර රට වැසීමට පාරවල් නොකපා මේ දේවල් නොකර සිටීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි.
එන්නත් සෑහෙන පිරිසකට ලබා දීලා තිබෙන පසුබිමක් යටතේත් මේ වන විට මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩි වීමක් තිබෙනවා, මියයන ප්‍රමාණය වැඩි වී තිබෙන්නේ ඇයි කියලා වසංගත රෝග ඒකකය විශ්ලේෂණය කරලා ඉදිරියේදී දැනුම් දෙයි.
එන්නත ලබා ගත් පමණින් මිය යන්නේ නෑ කියලා කියන්න බෑ හෙල්මට් පැළඳගෙන මෝටර් සයිකල් පැද්දට අනතුරු වී තුවාල සිදු නොවී තියෙන්නෙ නැහැ ඒ නිසා තමයි කියන්නේ එන්නත තබා ගන්නා අතර ආරක්ෂාව තහවුරු කරගන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |