අනිවාර්යයෙන්ම යළි සංචරණ සීමා පනවන්න වෙයි!!!.හේමන්ත හේරත්.
දැනට වාර්තා වෙන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට පාසල් දරුවන් අතර ද කොවිඩ් ආසාදිතවීම ඉහළගොස් ඇති බවය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, "ලංකාව පුරාම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා.
ඒ වගේම දරුවන්ටත් කොවිඩ් වැඩිවෙන්න පටන් අරන් තියෙනවා.
මේ නිසා අපේ පාසල් පද්ධතිය ආපහු සැරයක් වසා ගන්න සිද්ධ වෙන්න පුළුවන්.
ඒ නිසා වැඩිහිටියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.
මේ රෝගය ගෙදරට ගෙනියන්නේ නැතුව ඉන්න." සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, "පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා.
මේ තත්ත්වය අපි කල්තියා කියපු දෙයක්. මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලෙකට පස්සේ විවෘත කරපු පාසල් ආයෙත් වහන්න සිද්ධ වෙනවා.
මේ වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
