ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිසක් තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
එහිදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ කූඩාරම ඉවත් කරන ලෙස පොලීසිය දැනුම් දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසින් එය මාර්ගයේ පසෙකට ගෙන යාමට පියවර ගෙන තිබේ.