පඩි වැඩි කරලා දීමනා කපලා - වෘත්තීය සංගමය දැඩි තීරණයක
මේ වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර මාස 02ක් ගතවී තිබුන ද, තවමත් නිවැරදි කරන ලද චක්‍රලේඛය නිකුත් කර නැත.
අමතර රාජකාර දීමනා ලබා ගැනීමේදී වෛද්‍යවරුන් ගැටලු ගණනාවකට මුහුණ දෙමින් පවතී.
ගැටළු සහ අපහසුතා ගණනාවක් මධ්‍යයේ සේවය කරන වෛද්‍යවරුන් මේ හරහා තවත් පීඩාවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම සිදු නොකිරීම තුළ මෙම ගැටලුව අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කරමින් පවතී.
ජනාධිපතිවරයා විසින් ලබාදුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලද තීරණ පවා ක්‍රියාත්මක නොකිරීම තුල සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනය කල යුතු අතර, නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුලත වහාම නිකුත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට සිදුවන බවත් විධායක සභාව තීරණය කරන ලදී.
