අද රට වහන තීරණය ලැබෙන වෙලාව මෙන්න...සූදානමින් සිටින්න.

Police Sri Lanka Lock down Shavendra silva Gotabaya Rajapakshe
By Aruna Aug 13, 2021 04:25 AM GMT
Aruna

Aruna

Report

රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙහිදී උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කෙරෙනු ඇති.

මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනයකි කිරීම සඳහා දැඩි සංචරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ මෙම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි.

ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මූලික පසුබිම සකසා සියලු ආකාරයේ ඒකරාශී විම් තහනම් කිරීම්ට මෙම සාකච්ඡාවේදී බොහෝ දුරට තීරණය කෙරෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව රට සහමුලින් වසා දැමීමට තවමත් සූදානමක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

බොහෝ විට මෙම තීරණ අද දවල් 12.00න් පසුව ලැබෙනු ඇති බවටයි ආරංචිමාර්ගයන් ගෙන් දැනගන්නට ලැබෙන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha