මුලු රටම ලොක් ඩවුන් කිරීම ප්‍රමාදවීමට හේතුව මෙන්න!!!සමාජ ජාලා කළඹයි..
කොරෝනා වසංගතය හේතුවෙන් රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද කරන්නේ තම පුත්‍රයා ගේ විවාහය ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිසා බවට වන පුවතක් සමාජ ජාල ඔස්සේ පැතිර යන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
එය කිසිම පදනමකින් තොර අසත්‍ය පුවතක් බව ඒ මහතා කියා සිටී. මේ බව සදහන් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
එම සටහන පහතින් නරඹන්න.?
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සංඛ්‍යා ලේඛනවල පරස්පරතාවක් පවතින බව හෙළි වී තිබෙනවා.
මෙරට සමස්ත ආසාදිතයන් අතරින් දෙවැනියට වැඩිම ආසාදිතයන් පිරිස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ගණන 58,943ක්.
එම පසුබිම තුළ ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ රැස්වුණේ එම දිස්ත්‍රික්කය තුළ ඉහළ යන කොවිඩ් අවදානමට පිළියම් සෙවීමටයි.
එහිදී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපත් කළ දත්ත නිරීක්ෂණයේදී එම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හඳුනාගැනීම සහ ඒවා වාර්තා කිරීම අතර පරස්පරයක් ඇති බව අපට නිරීක්ෂණය වුණා.
අගෝස්තු මාසයේ පළමු දින 8 තුළ ආසාදිතයින් 12,555 දෙනෙක් හඳුනාගත් බව එහි දැක්වුණත් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය දිනපතා මාධ්‍යයට නිකුත් කළ දත්ත වාර්තා අනුව පෙනී යන්නේ එම දින 8දී වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 3729 දෙනෙකු පමණක් බවයි.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා නොවූ ආසාදිතයින් ගණන 8826ක්.
ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව නැගෙනහිර පළාතේ ද කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛනවල පරස්පරතාවක් ඇති බව අද අනාවරණ වුණේ, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ දත්ත අනුවයි.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ සංඛ්‍යා දත්ත එසේවූවත්, වසංගත රෝග විද්‍යා අංශය ගතවූ දිනයට අදාළව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, මඩකලපුවෙන් 45ක්, ත්‍රිකුණාමලයෙන් 71 සහ අම්පාරෙන් 78ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

