ලොව ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ලංකාව බංකොලොත් තත්ත්වයේ ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරයි..අපේ පිළිතුර මෙන්න..

central bank ranking Moodys Caa2
By Sewvandhi Oct 29, 2021 02:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රේණිගත කිරීමේ ලෝක ප්‍රකට ආයතනයක් වන මූඩීස් ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම Caa1 දක්වා Caa2 සිට පහත හෙළා ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතා අවම වී ඇති තත්ත්වය මත විදේශ ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සඳහා බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පවතිනු ඇති බවත් මෙම ශ්‍රේණිගත කිරීම ජූලි 19 වන දින ආරම්භ කරන ලද සමාලෝචනයක කොටසක් බව එහි සඳහන්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ශ්‍රේණිගත කිරීම පිලිගත නොහැකි බව සඳහන් කරමින් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය සිය ණය බැඳීම් සපුරා දීමට කැප වී සිටින බවයි. එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් කාලානුරූපී සහ පිළිගත නොහැකි තත්ත්වයක් ඇති බවද මහ බැංකුව කියා සිටියි. ශ‍්‍රී ලංකාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට පහලින් ඇත්තේ බංකොලොත් තත්වයේ ශ්‍රේණිගත කිරීම්ය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.