මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම රටවල් 20 අතරින් ශ්‍රී ලංකාවට 05 වැනි ස්ථානය හිමිව තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, එන්ජෝයි ට්‍රැවල් නම් ජාත්‍යන්තර වෙබ් අඩවිය විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.
මෙහිදී මීදුම් සහිත කඳු, විචිත්‍රවත් තේ වතු, අලංකාර වෙරළතීරයන් සහ වනාන්තර අත්දැකීම්වලින් සමන්විත වීම, ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිවීමට හේතු සාධක වී ඇත.
මීට අමතරව, මෙරට ආකර්ශණීය ස්ථානයක් වන ගාල්ල නගරයද එම ශ්‍රේණිගත කිරීම්හි දී සැලකිල්ලට ගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් තහවුරු කර ඇත්තේ.