ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්..

Sri Lanka India
By krishani Sep 21, 2022 01:41 AM GMT
krishani

krishani

Report

ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවත් එහිදී ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් බැට කන සිය අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වන වැඩසටහනක් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා ඇත.