ශ්‍රී ලංකාව විශාල ආහාර හිඟයක..?

covid19 vaccine food shortage essential goods economic situation
By Sewvandhi Sep 06, 2021 09:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි. ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් විදේශ සංචිත පහත වැටීම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයන සීමා කිරීම මත අර්ධ වශයෙන් ආහාර හිගයක් ඇති වී තිබෙන බව ද එහි සඳහන්ය.

කොරෝනා ව්‍යාප්තිය සහ ආහාර නිෂ්පාදනය බහත බැසීම හේතුවෙන්ද සැපයුම් වලට බාධාවක් වී ඇතැයි එම වාර්තාවන් කියා සිටියි.

අදාළ  වාර්තාව මෙතනින්..

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ යැයි බීබීසී අල්ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම කුමන්ත්‍රණයක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට තුළ එවන් කිසිදු ආහාර අර්බුදයක් නොමැති බවයි. අද රට තුළ ඇත්තේ ආහාර අර්බුදයක් නොව මාෆියාවක් යයිද පැවසූ අමාත්‍යවරයා එම තව මාෆියාව පාලනය කිරීමට ජනාධිපතිගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හදිසි නීතිය පැනවූයේ ඒ සඳහා බවත් පැවසීය.
හදිසි නීතිය පැනවීම අලුත් දෙයක් නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුව සමයේ කොළොන්නාව කුණු කන්ද කඩා වැටුණු අවස්ථාවේදී ද හදිසි නීතිය පැනවූ බව පෙන්වා දුන්නේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha