“ඔවුන් ජීවත් වෙන්නේ 2050ද” - කුවේට් සාප්පු සංකීර්ණයක සෝපානය ලෝකයම පුදුම කරයි

Report

කුවේට්හි පිහිටි දැවැන්ත සාප්පු සංකීර්ණයක අනාගත ලෝකයක තාක්ෂණය සිහිගන්වන වීදුරු සෝපානයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා අවධානය දිනාගෙන තිබේ. එහි සුවිශේෂී නිර්මාණය දැක අන්තර්ජාල පරිශීලකයන් “ඔවුන් ජීවත් වෙන්නේ 2050දී” යනුවෙන් අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වීදුරු සෝපානය පිහිටා ඇත්තේ කුවේට්හි විශාලතම සාප්පු සංකීර්ණය වන The Avenues හි ය. ඕස්ට්‍රේලියානු සංචාරක වීඩියෝ නිර්මාණකරුවෙකු වන ලූක් ඩැමන්ට් විසින් එම සෝපානයේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමඟ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ.

සාමාන්‍ය සෝපානවලට වඩා වෙනස් නිර්මාණයකින් යුත් මෙහි වටකුරු වීදුරු ව්‍යුහයක් සහ විවෘත මුදුනක් දක්නට ලැබේ.

ඒ හේතුවෙන් සෝපානය තුළ ගමන් කරන අයට සාප්පු සංකීර්ණයේ අවට පරිසරය පැහැදිලිව දැකගැනීමට හැකිවීම විශේෂත්වයකි.

“ඔවුන් ජීවත් වෙන්නේ 2050දී” මෙම වීඩියෝව නැරඹූ සමාජ මාධ්‍ය පරිශීලකයන් රැසක් සෝපානයේ නිර්මාණය පිළිබඳ පුදුමය පළ කර තිබේ.එක් පරිශීලකයෙකු “ඔවුන් ජීවත් වෙන්නේ 2050දී” යනුවෙන් අදහස් පළ කර ඇති අතර, තවත් අයෙකු තමන් නේපාල ජාතිකයෙකු වුවද මේ වන විට කුවේට්හි ජීවත් වන බව සඳහන් කරමින් වීඩියෝ නිර්මාණකරුවාට ප්‍රතිචාර දක්වා තිබේ.

ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

තවත් පිරිසක් මෙම නිර්මාණය විශිෂ්ට බව පවසමින් අදහස් එක්කර තිබේ. එමෙන්ම, ලූක් ඩැමන්ට් විසින් එම සාප්පු සංකීර්ණයේම අංශක 180ක් පමණ හැරෙන වක්‍රාකාර සෝපානයක් දැක්වෙන තවත් වීඩියෝවක් ද ඉන්ස්ටග්‍රෑම් වෙත එක්කර ඇත. එය හඳුන්වා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එය විස්මිත ඉංජිනේරු නිර්මාණයක් බවයි.

කුවේට්හි විශාලතම සාප්පු සංකීර්ණය කුවේට්හි අල්-රායි ප්‍රදේශයේ පිහිටි The Avenues සාප්පු සංකීර්ණය 2007 වසරේදී විවෘත කර තිබේ. නගරයක ස්වරූපයට සමාන ලෙස සැලසුම් කර ඇති මෙහි සාප්පු සවාරි, ආහාරපාන සහ විනෝදාස්වාදය සඳහා වෙන්වූ විවිධ වීදි හා කලාප ඇතුළත් වේ.

සමාජ මාධ්‍යයේ අවධානය දිනාගත් වීදුරු සෝපානය පිහිටා ඇත්තේ එම සාප්පු සංකීර්ණයේ සිව්වැනි අදියරේ ව්‍යාප්තියට අයත් Forum කලාපයේ ය. සාමාන්‍ය වෙළෙඳසල්වල සිට සුඛෝපභෝගී විලාසිතා සන්නාම දක්වා පුළුල් පරාසයක වෙළෙඳසල් මෙහි පිහිටා ඇති අතර, සුවිශේෂී ගෘහ නිර්මාණ හා ඉංජිනේරු නිර්මාණ ද එහි ආකර්ෂණය ඉහළ නංවා තිබේ.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ The Avenues සාප්පු සංකීර්ණයේ සුවිශේෂී නිර්මාණ පිළිබඳව ද ලොව පුරා සංචාරකයන්ගේ අවධානය යොමුව ඇත.

ආයෙත් යුධ ගිනි - මාස හයකින් පසු තෙල් මිල යළි ඉහළට - සෞදියට ගැහුවා විතරයි තෙල් මිල අහසටම

ආයෙත් යුධ ගිනි - මාස හයකින් පසු තෙල් මිල යළි ඉහළට - සෞදියට ගැහුවා විතරයි තෙල් මිල අහසටම