නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම යළි ජාතික විදුලි බලපද්ධතියට එක් කෙරේ
පද්ධතියේ ඇති වූ හදිසි විදුලි ඇණහිටීමත් සමඟ අක්රීය වූ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්ර තුනම නැවතත් සාර්ථකව ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇත .
පසුගිය 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම ක්රියා විරහිත තත්වයට පත්විය .
මේ අතර හදිසි බිඳවැටීම හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පසුගියදා සඳහන් කර තිබේ .
මෙවැනි හදිසි තත්ත්වයකදී අනුගමනය කරනු ලබන සාමාන්ය ආරක්ෂිත ක්රමවේදයන් වෙත යොමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
කෙසේවෙතත්, මේ වනවිට බලාගාරයේ ජනන යන්ත්ර තුනම යළි සක්රීය කර විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇතිබව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සදහන් කර ඇත.